1982 අංක 35 දරණ ජාතික ශිල්ප සභා පනත යටතේ 1983 ජනවාරි 17 දින ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය ස්ථාපනය කරණ ලදී.
ග්‍රාමීය කර්මාන්ත සහ ස්වයං රැකියා ප්‍රවර්ධන අමාත්‍යාශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය හෙවත් ඓතිහාසික කිර්ති නාමයකට උරුමකම් කියන ලක්සල හෙළ කලාකරුවා සහ පාරම්පරික කර්මාන්ත ආරක්ෂා කරමින් සංවර්ධනය කරන්නා වූ එකම රාජ්‍ය ආයතනයයි. ලක්සල ගෘහස්ත සහ ග්‍රාමීය මට්ටමේ නිෂ්පාදන ක්‍රියාවලියෙහි යෙදී සිටින 3500කට ආසන්න ව්‍යවසායකයින් සමග ඝෘජුවම බැදී ඇත. හෙළ කලාවන් ආරක්ෂා කරනු පිනිස වස් ඒ සදහා වූ සුවිශේෂී පුහුණු වැඩසටහන් මෙහෙයවමින් දේශිය සහ විදෙශිය වශයෙන් හස්ත කර්මාන්ත අලෙවිකරණයේ යෙදෙන එකම රාජ්‍ය ආයතනයද ලක්සල වේ. දිවයින පුරා විහිද යන්නාවු අලෙවි ශාඛා 10 ක් ද පුහුණු මධ්‍යස්ථාන 140 ක්ද ප්‍රාදේශිය මිළදී ගැනීමේ මධ්‍යස්ථාන 11 ක් ද ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය මගින් පවත්වාගෙන යනු ලබයි.