ශිල්පීය පුහුණුව

ශිල්පීය පුහුණු අංශය

කුඩා ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශයට අයත් ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය මගින් පවත්වාගෙන යනු ලබන ශිල්පීය පුහුණු අංශයේ ප්‍රධාන කාර්යය වී ඇත්තේ රැකියා විරහිත තරුණ තරුණියන්ට හස්ත කර්මාන්ත ෙක්‍ෂ්ත්‍රයේ නව නිර්මාණයන් කිරීම සදහා අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව හා න්‍යයායාත්මක දැනුම ලබාදීම සම්ප්‍රදායික හස්ත කර්මාන්ත නිරමාණයන් නව වෙළදපොලට අවශ්‍ය වන පරිදී නවීකරණය කිරීම අවශ්‍ය දැණුම ලබාදීම හා පුහුණු වැඩමුඵ හා සම්මන්ත්‍රණ පැවැත්වීම තුලින් හස්ත කර්මාන්ත ෙක‍ෂ්ත්‍රයට අවශ්‍ය වන කලා ශිල්පීන් පුහුණු කිරීමය.

පාසැල් හැර යන්නන්ට හස්ත කර්මාන්ත ෙක‍ෂ්ත්‍රයේ ස්වයං රැකියාවන් උත්පාදනය කොට ඒවා කුඩා ව්‍යාපාරයන් ලෙස පවත්වාගෙන යාම පිළිබදවද දැනුවත් කිරීම මෙහිදී ප්‍රධාන වශයෙන් සිදුකෙරෙ.

විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල අඩු ආදායම් ලබන පිරිස් මෙම ශිල්පීය පුහුණු මධ්‍යස්ථානයන් වෙත පැමිණි අතර ඔවුනට පන් හා කෙදි ආශ්‍රීත භාණ්ඩ, ලී කැටයම්, බීරලු, රෙන්ද, මැටි භාණ්ඩ, උණබට හා වෙවැල්, පල්ප් විසිතුරු භාණ්ඩ,කළාත්මක කෘතීම මල් ආදී ෙක‍ෂ්ත්‍රයන් හී පුහුණුව ලබාදී එමගින් ස්වයං රැකියා මාර්ග වලට යොමු කරවනු ලැබීය.

වර්තමාන සමාජීය පරිසර හිතකාමී නිෂ්පාදනයන්ට දක්වන වැඩි රුචිකත්වය නිසා දේශීය හස්ත කර්මාන්ත සදහා හොද වෙළදපොළක් ඇති වීමේ ප්‍රවණතාවයක් දක්නට ඇත. මෙනිසා ලාංකීය හස්ත කර්මාන්තකරුවන් තම තමනගේ කර්මාන්තයන් දියුණුකර ගැනීම සදහා අවශ්‍ය ක්‍රමාණුකූල පුහුණුව හා කාරමික ඥානය ලබා ගැනීම ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ ශිල්පීය පුහුණු අංශයෙන් නිතතින්ම බලාපොරොත්තු වේ.

ශිල්ප පුහුනු අංශය        
නාලිකා විඡේසේකර මිය.   විධායක අධ්‍යක්ෂිකා.   011-2386275
         
– ඡයන්ති ලේඛම්ගේ මිය.   සහකාර අධ්‍යක්ෂිකා.   011-2632402
– කේ.ඩී අබේවර්ධන මහතා.   සහකාර අධ්‍යක්ෂක.   091-2244132