අප ගැන

ශ්‍රී ලාංකීය පෞඩත්වය සංකේත කරන්නා වු දේශිය කලා නිර්මාණ ප්‍රවර්ධනය කිරීම අළෙවි කිරීම සහ අපනයනය කිරීම සදහා 1982 අංක 35 දරණ ජාතික ශිල්ප සභා පනත යටතේ 1983 ජනවාරි 17 දින ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය ස්ථාපනය කරන ලදී. ඊට පෙර රජයේ දෙපාර්තමෙන්තුවක් ලෙස මෙය පවත්වාගෙන යන ලදී වර්ථමානයේ ප්‍රධාන විධායක නිළධාරී ලෙස මණ්ඩලයේ සභාපති වරයා වගකීම දරන අතර දෛනික මෙහෙයුම ක්‍රියාවලිය සදහා වෘත්තීය මටටමෙ නිළධාරීන් වගකීම දරණු ලබයි. ලක්සල නම වූ වෙළද නාමය යටතේ මෙහි දේශිය සහ විදේශීය අලෙවි ක්‍රියාවලිය සිඳාවන අතර සියඵම අලෙවි ශාඛා සදහා ද ලක්සල වෙලද නාමය භාවිතා කරනු ලබයි. උසස් තත්වයේ සහ නිමාවෙ දේශීය හස්ත කර්මාන්ත සදහා ලක්සලට ලැබී ඇත්තේ සුවිශේෂී ස්ථානයකි. ශ්‍රී ලංකාවෙ ප්‍රධාන වෙළද නගරයේ පිහිටුවා ඇති ලක්සල ප්‍රධාන ශාඛාව ශාඛා 10 න් විශාලතම අලෙවි සැල වෙ. ශ්‍රී ලංකාවෙ විශාලතම හස්ත කර්මාන්ත අලෙවි සැල ද ලක්සල වෙ.

ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය සතූ නිෂ්පාදන සහ පුහුණු මධ්‍යස්ථාන සංඛ්‍යාව 140 ඉක්මවා යති. 4000 ක් ඉක්මවා යන විවිධ ක්‍ෂේත්‍ර නියෝජනය කරන්නා වූ සැපයුම කරුවන්ගෙන් ලක්සල සමන්විත වන අතර තත්වයෙන් සහ නිමාවෙන් උසස් නිෂ්පාදන වසර දහස් ගණනක් ඈත. අතීතයකට උරුමකම කියන පාරමපරික හස්ත කර්මාන්ත නිපයුම විවිධ නවීකරණයන්ට භාජනය වු හස්ත කර්මාන්ත නිපයුම සහ නව නිපයුම යන අංශ සියල්ලම නියෝජනය වන පරිදි ලක්සල හස්ත කර්මාන්ත වෙළදාම සැකසී ඇත. මෙම කාර්මිකයන් විසින් නිර්මානය කරන්නාවූ නිෂ්පාදන සදහා අතිශ්‍යය පාරමපරික ක්‍රමවෙදයන් යොදා ගත් අතර එය ආගමිකව දැඩි විනයාණුකූල බවක් ගනු ලබයි.